අපගේ දැක්ම (අපේ මූලික අරමුන)
අදට වඩා හොඳ හෙටක් වෙනුවෙන් කැප වීම
අපගේ මෙහෙවර (අරමුන ඉටු කරගන්න මොනවද අපි කරන්නෙ?)
වර්තමානයේ මානව සංහතිය මුහුණ දෙන ගැටළු සොයා බලා ඒවා ඇති වීමට හේතු හඳුනාගෙන එම හේතු වලට පිළියම් යෙදීම සහ සංඛ්‍යාංක බෙදීම අවම කිරීම සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම් නිර්මාණය කිරීම හා පුහුණු කිරීම.
අප සේවය සපයන ප්‍රධාන කණ්ඩායම්
  • දරුවන් සහ වැඩිහිටියන්
  • ව්‍යාපාරික ප්‍රජාව
  • කුසලතා සහිත සේවකයන්
වෘත්තීය අධ්‍යාපනය

ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතනය විශාල ප්‍රමාණයක් ඇත. රජයට අනුබද්ධ මෙන්ම පෞද්ගලික අංශයද මෙවැනි පාඨමාලාවන් පවත්වයි. සෑම වසරකම අ.පො.ස. සාපෙල දක්වා වත් අධ්‍යාපනය නොලැබූ දරුවන් සුළු පිරිසක්ද අ.පො.ස. සාපෙළ දක්වා අධ්‍යාපනය ලැබූ දරුවන් විශාල පිරිසක්ද අ.පො.ස. උසස් පෙළ දක්වා අධයාපනය ලැබූ දරුවන් අති විශාල පිරිසක්ද වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙයි. නමුත් ඔවුන්ගෙන් තනිවම වෘත්තියක නියැලීමේ කුසලතා සහිතව වෘත්තීය අධ්‍යාපන පාඨමාලාව හදාරා අවසන් ඉතා කුඩා පිරිසකි. වෘත්තීය අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට නැවත වෘත්තීයට අනුගත වීමේ කාලයක් හා පුහුණවක් අවශ්‍ය වෙයි.

මෙසේ අවශ්‍ය වීමට බලපාන ප්‍රධානතම හේතුව ලෙස අප හඳුනාගෙන ඇත්තේ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙනුයේ වැඩ ලෝකය තුල වෘත්තියේ නියැලීමට සිදුවන නියම පරිසරය තුළ නොවීමයි. උදාහරණයක් ලෙස පෙදරේරුවකු පුහුණු කරන්නේ නම් පුහුණුව තුළ දැඩි හිරු රශිමිය ඇති මධ්‍යහනක වැඩ කිරීම, තට්ටු කිහිපයක් උස ගොඩනැගිල්ලක පලංචියක් මත වැඩ කිරීම වැනි පහුණු අවස්ථා සැලසිය යුතුය. එසේ සිදු නොකොට ගොඩනැගිල්ලක් තුළ සෙවනේ සිටිමින් පුහුණුව ලබන පෙදරේරුවකු එම වෘත්තියට එලඹීමේදී අවශ්‍ය කුසලතා නොපෙන්වයි.

මෙවැනි ගැටළු හඳුනාගත් අප ආයතනය අපගේ වෘත්තීය අධ්‍යාපන පාඨමාලා තුළ අපගේ පරිගනක ජාලය හා වෙබ් අඩවිය හරහා ඇති කරගත් ව්‍යාපාරික සම්බන්දතා යොදා ගනිමින් ඍජුවම වැඩලෝකයෙහි වෘත්තිකයකු වශයෙන් අවසාන අධියරේදී පුහුණු කරනු ලබයි. එම නිසා අප ආයතනයේ වෘත්තීය පාඨමාලාවක් හදාරා අවසන් කරන වෘත්තියකයකු වැඩ ලෝකයට ගිය විට ලබා ගත් පුහුණුව වැඩ ලෝකය හා නොගැලපීමේ ගැටළුව අවම කරයි. අප පුහුනු පාඨමාලා පවත්වන්නේ අපට ඍජුවම වැඩ ලෝකය හා සම්බන්ධ කළ හැකි වෘත්තීන්ට පමනි.

එයට අමතරව අපගේ වෘත්තීය පුහුණු පාඨමාලා තුළ වෘත්තියේ නියැලීමේදී අවශ්‍ය වන වෘත්තීයට සෘජුව අදාල නොවන කුලසලතා ද ලබා දෙනු ලබයි. උදාහරණයක් ලෙස අප පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පියකු පුහුණු කරන්නේ නම් ඔහුට අවශ්‍ය පරිගණක මෘදුකාංග වර්ග තම පරිගනකයට ස්ථාපනය කිරීම ගැනද කෙටි අත්දැකීමක් ලබා දෙයි.

අප පැවැත්වීමට සැළසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා පිලිබඳ වැඩි දුර සොයා බැලීමට පහත නිල්පාට කොටුව ටච් කරන්න

යහ ව්‍යාපාර සංසදය

මෙම අංශයේ වැඩ කටයුතු තවමත් සැළසුම් මට්ටමේ පවතී. කරුණා කර පසුව නැවත පරික්ෂා කරන්න.

අපගේ විශ්වාසයන්
  • දරුවන් සහ වයෝවෘධ මහල්ලන් හැර වෙනත් කිසිවකුට කිසිවක් නොමිලේ දිය යුතු නැත
  • සෑම පුද්ගලයකුටම වටිනාකමක් ඇත. අප කළ යුතතේ එය යඳුනා ගැනීමයි.
  • සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තුනක් ඇත. එනම් (ඔවු/හරි), (නැහැ/වැරදි) සහ (දන්නෙ නෑ) යනුවෙනි.
  • සේවකයකුගෙන් අපේක්ෂා කළ යුත්තේ ඔහුට කළ හැකි දේ පමණි.
  • දැනට කරන සෑම වැඩක්ම ඊට වඩා පහසුවෙන් හා හොඳින් කළ හැකි ක්‍රමයක් ඇත. අප කළ යුත්තේ එය සොයාගැනීමයි.
  • ඇගයීමට ලක් කල යුත්තේ ප්‍රතිඵලය මිස කළ දෙය නොවේ.
  • නිවැරදි ක්‍රියා පිලිවල වනුයේ හදවතින් තීරණය ගෙන දත්ත මගින් තහවුරු කිරීම නොව දත්ත මත තීරණය ගෙන හදවතින් තහවුරු කිරීමයි.
  • ගරු කළ යුත්තේ මානවවාදී ගුණයට මිස මුදලට/තනතුරට/අධ්‍යාපන මට්ටමට හෝ දක්ෂතාවයට නොවේ.
  • අලවි කළ යුතේත ශ්‍රමය මිස හදවත නොවේ.
  • වැදගත් වන්නේ සිදු වූ දෙය නොව එය ඔබ අවබෝධ කර ගත් ආකාරයයි.
අපේ කණ්ඩායම
පසිඳු
හෙට ලෝකය අද දකිමු
හඬ සවිය සෙට් එක
මුහුණු ගොඩක් එකම හඬක්
මාලන්
සංගීතය ජීවිතයයි
චමී
උපරිමයටත් ටිකක් එහා
පසිඳු අපට වැදගත් වන්නේ ඇයි.

මෙම වෙබ් අඩවිය සංවර්ධනයේදී ඉගෙන ගනිමින් එහි කටයුතු වලට දායක වන පසිඳු මිහිරංග තම හැකියා වර්ධනය කර ගැනීමට අප ආයතනයේ සම්පත් නොමිලේ භාවිතා කරන දරුවෙකි. ඔහු අප ආයතනයට ආයතනය අරම්භ කළ 2025 ජනවාරි 01 දින සිටම සම්බන්ධවී කටයුතු කරයි. අපගේ මගපෙන්වීම යටතේ ස්වං අධ්‍යාපනයේ යෙදෙන දක්ෂ දරුවකු වන අතර අනාගයේ දී තම රැකියාව ලෙස තොරතුරු තාක්ෂණ ක්ශේස්ත්‍රය තෝරා ගතහොත් එහි ඉහලටම යාමේ හිකයාව ඇති දරුවෙකි.

අප ආයතනය වෙනුවෙන් පරිශීලක අතුරු මුහුණත් සැකසීමේදී වර්ණ ගැලපීම, පරිශීලකයන්ට පහසු වන අතුරු මුහණත් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරිම, HTML, CSS භාවිතා කරමින් සරළ අතුරු මුහුණත් සැකසීම, සකස් කළ මෘදුකාංග භාවිතා කරමින් අඩුපාඩු පෙන්වාදීම, කෘතිම බුද්ධි යෙදුම් වල සංවර්ධණය පිළිබඳ අවධානයෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීම වැනි සේවාවන් ඉගෙන ගන්නා අතරතුර ලබා දෙයි.

ඔහු අප ආයතනය හරහා ස්වං අධ්‍යයනය කරන ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ ත්‍රිමාන සජීවීකරණයයි. ආයතනයේ එකම ත්‍රිමාන සජීවීකරණ ශිල්පියා ඔහු වන අතර තවමත් එම කේෂ්ත්‍රයේ ඉගෙන ගනිමින් සිටින දරුවෙකි. මෙයට අමතරව ආයතනයේ Voice Over Team එකෙහි ශබ්ධ පටිගත කිරීම් හා සැකසීම් කටයුතු වලටද දායක වෙයි. එයට අමතරව ආයතනයේ මගපෙන්වීම යටතේ Basic Electronics, Coding with Arduino, IOT යන කේෂ්ත්‍ර වලද අධ්‍යයන කටයුතු කරයි.

පසිඳු අප වෙත ලබා දුන් ප්‍රතම නිර්මාණය

පසිඳු විසින්ම සකස් කරගත් ඔහුගේ පිටුවට පිවිසීමට ඉහත රතු පැහැති කොටුව ටච් කරන්න