Computer Kingdom ආයතනයේ දත්ත පද්ධතියක් තුල ඔබගේ දත්ත ඇතුළත් කිරීම පිළිබඳව අපගේ ප්‍රතිපත්තිය.
-
දත්ත වල අයිතිය
- ඔබ විසින් ඇතුළත් කරනු ලබන ඔබගේ පෞද්ගලික දත්තවල අයිතිය ඔබ සතුවේ.
- ඔබගේ රැකියාවට අදාළව රැකියා ස්ථානයෙන් ලබන වැටුපට හෝ යම්කිසි දීමනාවකට යටත්ව ඇතුළත් කරනු ලබන දත්ත වල අයිතිය රැකියා ස්ථානය සතු වෙයි.
රැකියා ස්ථානයෙහි දත්තවල අයිතියට අදාළ නිල නාමයට එම දත්ත අයිති වෙයි.
- ඔබගේ දත්ත තනිවම හෝ තවත් කණ්ඩායමකගේ දත්ත සමග එකතු කර සැකසීමකට ලක්කර ලබාගන්නා දෙවන හා තුන්වන මට්ටමේ දත්ත සහ
තීරණවල අයිතිය Computer Kingdom ආයතනය සතු වෙයි. උදාහරණයක් ලෙස ඔබ දිනපතා ගන්නා ආහාර වර්ග
සහ ඔබගේ රුධිරයේ සීනි මට්ටම අප වෙත ලබා දුනහොත් එම දත්තවල අයිතිය ඔබ සතුය.
නමුත් එම දත්ත අතර සම්බන්ධතාවයක් ලෙස දිනපතා මාළු අනුභව කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩුවන බව වැනි
සම්බන්ධතාවයක් සොයා ගතහොත් එම සම්බන්ධතාවයේ අයිතිය Computer Kingdom ආයතනය සතුය
- අපගේ දත්ත පද්ධති වෙත ලබා දී ඇති දත්තවල අයිතිය කිසිවිටෙකත් වෙනත් අයකුට පැවරිය නොහැක. මෙන්ම එම දත්තවල රහස්‍ය භාවය, පෞද්ගලිකත්වය වැනි
කාරණා සම්බන්ධව පැන නගින ඕනෑම නීතිමය ගැටලුවකදී එහි වගකීමද ඔබ සතුය
- ඔබට අයිතිය ඇති ඕනෑම දත්තයක් ඔබ කැමති ඕනෑම විටක කොන්දේසි විරහිතව පද්ධතියෙන් ඉවත් කිරීමට අප එකඟ වන අතර රැකියා ස්ථානය
වෙනුවෙන් ඇතුළත් කරන දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමේ බලය ඇත්තේ රැකියා ස්ථානයේ දත්තවල පාලනය හිමි වන තනතුරටයි
-
දත්ත වෙනත් පාර්ශ්ව සමග බෙදා ගැනීම
ඔබගේ දත්ත වෙනත් පාර්ශ්ව සමග බෙදා ගැනීම Computer Kingdom ආයතනය කිසිවිටකත් ඔබගේ අවසරයකින් තොරව සිදු නොකරයි.
ඔබට අයිතිය ඇති දත්ත කිසිදු කටයුත්තකට යොදා නොගනී. සෘජුවම ඔබගේ දත්ත වලින් යම් මුදලක් ඉපයිය හැකි හෝ වෙනත් ප්‍රයෝජනයක් ගත හැකි අවස්ථා
වෙතොත් අප ඔබ වෙත ඒ බව දැනුම් දී ඔබගෙන් අවසර ලබා ගැනීමෙන් පසුව පමණක් එම කටයුතු සඳහා ඔබගේ දත්ත භාවිතා කරයි.
-
දත්ත පද්ධතියෙන් ඉවත් කර ගැනීම
-
ඔබට අයිතිය ඇති දත්ත ඔබට අවශ්‍ය ඕනෑම විටක පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත හැකිය.
එසේ දත්ත ඉවත් කර ගතහොත් අප සතු අමතර ආරක්ෂිත පිටපත්වලින්ද එම දත්ත සියල්ල ඉවත් කරනු ඇත.
එවැනි අවස්ථාවක නැවත එම දත්ත ලබා දීමේ හැකියාව අප ආයතනය සතුව නැත.
-
නොමිලේ ලබාදෙන සේවාවකට මුදල් අය කිරීමට අප ආයතනය තීරණය කළහොත් එම සේවාව මුදලට ලබා ගැනීමට
හෝ එසේ මුදලට ලබා ගැනීමට එකඟ නොවී එම සේවාවට අදාළව ඔබ ඇතුළත් කළ සියළුම දත්ත නැවත ඔබට ලබා ගැනීමට ඔබට අයිතිය ඇත.
එවැනි අවස්ථාවක ඔබගේ සියලුම දත්තයන් ඔබට ආපසු ලබා දීමට අප ආයතනය බැඳී සිටී. ඒ සඳහා තාක්ෂණික දැණුම ඇති ඔබ නම් කරන ආයතනයක්
හෝ පුද්ගලයකු වෙත ඔබගේ දත්ත සියල්ල ආපසු ලබා දීමට අප කටයුතු කරනු ඇත. අපගේ දත්ත පද්ධතිය තුළ ශබ්ද, රූප සහ වීඩියෝ වශයෙන් ඇති දත්ත හැර
අනෙකුත් දත්ත MySQL නැමති තාක්ෂණය යොදාගෙන ගබඩා කර ඇත.
- Computer Kingdom ආයතනය කැමති ඕනෑම අවස්ථාවක ඔබ අප ආයතනයේ දත්ත ගොනු වෙත ඇතුළත් කර ඇති දත්ත ඉවත් කිරීමට
අපට බලය ඇත. එහෙත් එසේ ඉවත් කරන්නේ නම් අඩු වශයෙන් දින 14 කට පෙර ඒ බව දැනුම් දෙනු ලැබේ.
-
ආයතනයේ නීතිරීතීන්ට පටහැනිව කටයුතු කිරීම නිසා ඔබගේ ගිණුම අවලංගු කරන අවස්ථාවකදී ඔබට මෙම දින 14ක
සහන කාලය නොලැබෙනු ඇත.
-
දත්ත වල ආරක්ෂාව
-
දත්ත ගබඩා කිරීමට Linux මෙහෙයුම් පද්ධතිය පදනම් කරගෙන සංවර්ධනය කරන ලද Ubuntu මෙහෙයුම් පද්ධතියෙහි සේවා දායක පරිගණක අනුවාදය
සහිත පරිගණ යන්ත්‍ර භාවිතා කරයි. දැනට ලොව බොහෝ පද්ධති භාවිතා කරනුයේ මෙම මෙහෙයුම් පද්ධතියයි.
-
සේවා දායක පරිගණක වල ඇති දත්ත වල ආරක්ෂාව සඳහා ගතහැකි සියළු පියවර අප අනුගමනය කර ඇත. (Updated Software, Firewalls, Strong Passwords, Unused Port Blocking, Weekly Backups, SSL )
- වඩාත් සංවේදී දත්ත අප විසින්ම සංවර්ධනය කරන ලද වශේෂ කේත ක්‍රමයකට ගබඩා කර ඇති බැවින් එලෙස කේතනය කළ දත්ත වනත් පාර්ශවයක්
අතට පත් වුවද නැවත විකේතනය කිරීම ඉතා අපහසුය.
-
ඔබගේ පිවිසීම් වාර සහ සංවේදී දත්ත වලට සිදු කරන වෙනස් වීම් මෙන්ම භාවිතා කරන්නන් පද්ධතිය තුළ සිදු කරන ක්‍රියාකාරකම්ද ස්වයංක්‍රීයව සටහන් කර ගැනීමේ
විශේෂ ආරක්ෂක පද්ධතියක් ස්ථාපනය කොට ඇත.
-
පරිශිලකයන්ගේ නොසැලකිල්ලෙන් ඔවුන්ගේ පිවිසුම් විස්තර සොරකම් කිරීමේන් සිදුවන අනාරක්ෂිත තත්වයන් පිළිබඳව අප ආයතනය වගකියනු නොලැබේ.
මෙම ප්‍රතිපත්තිය Computer Kingdom ආයතනයේ අභිමතය පරිදි අවශ්‍ය විටක වෙනස් කළ හැකි වන අතර එසේ වෙනස් කළ විට නව කොන්දේසි වලට ඔබ එකඟ නෙවන්නේ
නම් දැනට ඔබට අයිතිය ඇති දත්ත පද්ධතියෙන් ඉවත් කරගෙන අපගේ සේවාවන් ලබා ගැනීම නතර කිරීමට ඔබට හැකියාව ඇත. එවන් විටක ඔබගේ දත්ත ඉවත් කර ගැනීමට
අප ආයතනය සහය ලබා දෙනු ඇත.